Skip to main content

Posts

Featured

Countdown to Russia 2018: පළමු පාපන්දු ලෝක කුසලානය 1930.

2018 Russia වලට තව දින 43 යි.  21 ලෝක පාපන්දු ශූරතාවට දින ගණින අතරතුර පළමුවන ලෝක කුසලානය කෙසේ පවත්වන්නට ඇතිද? පෙර විපරම: නූතන පාපන්දු ක්‍රීඩාව නිර්මාණය වීමෙන් පසු ලොව පළමුවන ජාත්‍යන්තර පාපන්දු තරගය පැවැත්වුණේ 1872 එංගලන්තය හා ස්කොට්ලන්තය අතරයි. ඉන් වසර 58 පසු ලෝක පාපන්දු සම්මේලනය පළමුවන පාපන්දු ලෝක කුසලානය සංවිධානය කළ අතර සත්කාරක රට ලෙස තේරී පත්වූයේ දකුණු ඇමරිකානු රටක් වූ උරුගුවේ රාජ්‍යයයි. ඒ වන විටත් පාපන්දු ඔලිම්පික් ක්‍රීඩාවක් ලෙස පිළිගෙන තිබූ අතර 1928 පැවති ඔලිම්පික් උළෙලේ පාපන්දු රන් පදක්කම හිමි කරගෙන තිබුනේ ද උරුගුවේ රාජ්‍යයි. උරුගුවේ ව්‍යවස්ථාව පිහිටුවා වසර 100යි! 1930 උරුගුවේ ව්‍යවස්ථාව පිහිටුවා ශත සංවත්සරය සැමරීමේ වසර විය. ලොක කුසලානයද එයට සමගාමීව පවත්වන්නට උරුගුවේ රාජ්‍යයේ අදහස විය. තරගාවලිය සදහා රටවල් 13 සහභාගී විය. ඒ ආර්ජෙන්ටිනාව, චිලී, ප්‍රංශය, මෙක්සිකෝව, බ්‍රසීලය, බෙල්ජියම, යුගෝස්ලෝවියා,  බොලීවියාව, රොමේනියාව, ඇ. එ ජනපදය, පීරු, පැරගුවේ සහ සත්කාරක උරුගුවේ රාජ්‍යයි. ඒ කාණ්ඩ හතරක් ඇතුලතයි. එක් එක් කාණ්ඩයේ පළමු ස්ථානය ලබන කණ්ඩායම් 4 අවසන් පූර්ව වටයට ...

Latest Posts

Fifa 18 හි ඇතුලත් ශ්‍රී ලාංකිකයා

ඩයිලෙමාව......

සැබෑ ආදරය නේ?....

අනංගයා හෙවත් Eros ගේ දින පොතෙන් .....