Fifa 18 හි ඇතුලත් ශ්‍රී ලාංකිකයා
ඔබ කෙදිනක හෝ EA Sports විසින් නිකුත් කරනා ලද Fifa 98 පරිඝනක ක්‍රීඩාව ක්‍රීඩා
කොට ඇත්නම් එහි ඇතුලත් වූ ශ්‍රී ලංකා කණ්ඩායම මතක ඇතුවාට සැක නැත. එකල ලංකාවේ සුපිරි
ක්‍රීඩකයන් වූ ඩඩ්ලි ස්ටේන්වොල්, පී. ඩි සිරිසේන, වීරරත්න වැනි ක්‍රීඩකයන් සමග ක්‍රීඩා
කිරීමට ක්‍රීඩකයාට අවස්ථාව හිමි විය. නමුත් පසු කාලයන් වල ඇතුලත් වූ Fifa ක්‍රීඩාවේ අනෙකුත් සංස්කරණයන් වලට ශ්‍රී ලංකා කණ්ඩායම ඇතුලත් වුයේ නැත.
එමෙන්ම යුරෝපයේ ක්‍රීඩා කරන ලද වෘතිමය ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ද ඉතාමත් දුලබ වූ
හෙයින් අපට Fifa ක්‍රීඩාව තුල ශ්‍රී
ලාංකිකයන් දක්නට නොහැකි විය.
EA sports සමාගම විසින් එළිදක්වන
ලද නවතම fifa 18 ක්‍රීඩාවේ වසර ගණනාවකට
පසු ලාංකික ක්‍රීඩකයෙක් දැක ගැනීමට ලැබේ. ඔහු ජර්මනියේ වෘතිය මට්ටමෙන් පාපන්දු ක්‍රීඩා
කරන, ශ්‍රී ලාංකික සම්භවයක් හිමි අහමද් වසීම් රාසික් නම් 23 හැවිරිදි ක්‍රීඩකයායි.
ජර්මනිය පදනම් කර ක්‍රීඩා කලද Fifa
18 හි ඔහුගේ රට ලෙස
දැක්වෙන්නේ ශ්‍රී ලංකාවයි.
අහමද් වසීම් රාසික් උපත
ලබන්නේ 1994 ජර්මනියේ බර්ලින් නුවරයි. ඒ ශ්‍රී ලාංකික සංක්‍රමණික යුවලකට දාවය. සිය
වෘතිමය ක්‍රීඩා දිවිය ඔහු අරබන්නේ දෙවනපෙළ ජර්මන් පාපන්දු කණ්ඩායමක් වන Union Berlin ක්‍රීඩා සමාජයේ දෙවෙනිපෙල කණ්ඩායම තුලින්ය. 2013-14
තරගවායෙහි යුනියන් බර්ලින් පළමු කණ්ඩායමත් දෙවෙනි කනදයම්ත් අතර තරග නියෝජනය කරන
රාසික් 2015-2017 තරගවාරයේදී තුන්වන පෙළ ක්‍රීඩා සමාජයක් වන 1.FC Magdeburg
සමග තරග ගිවිසුමකට
එලබෙයි. ඒ වනවිට හෙතෙම් යුනියන් බර්ලින් 2 කණ්ඩායම වෙනුවෙන් තරග 36 දී ගෝල 9 ද,
යුනියන් බර්ලින් පළමු කණ්ඩායම වෙනුවෙන් එක් තරගයක් ද ක්‍රීඩා කොට තිබුනහ. 2015
තරගවාරයේ සිට Magdeburg කණ්ඩායම හා ක්‍රීඩා
කිරීම ඇරැබූ රාසික් 2017 දක්වා තරග 36 ක්‍රීඩා කොට එක ගෝලයක් ලබා ගන්නට සමත් විය. රාසික්
මේ වනවිට ක්‍රීඩා කරන්නේ තවත් තෙවන පෙළ ජර්මන් කණ්ඩායමක් වූ Rot-Wei
Erfurt නම් ක්‍රීඩා සමාජයටයි. රාසික් මැද පෙළ ක්‍රීඩකයෙකි.
ඔහුගේ උස අඩි 5 අගල්10ක් ලෙස දැක්වේ.
පහත දැක්වෙන්නේ රාසික් ගේ ක්‍රීඩා දිවියේ දිවියේ තොරතුරු දැක්වෙන Fifa 18 පැතිකඩයි.


Comments
Post a Comment